Wednesday, August 9, 2023

12. බහු-මාධ්‍ය ඉදිරිපත් කිරීම් (Multimedia Presentation)



ඩිජිටල් සන්නිවේදන මාධ්‍ය ආකාර කිහිපයක් උපයෝගී කොටගෙන සිදු කරන ඉදිරිපත් කිරීම් මෙනමින් හැඳින්වේ. එය ප්‍රේක්ෂකයාගේ අවධානය වඩාත් හොඳින් යොමු කරගත හැකි වන පරිදි ඡායාරූප, රූප සටහන්, වීඩියෝ, වර්ණ, ශබ්ද, පෙළ, animation ආදී සියල්ල එක් කොට සිදු කරන ඉදිරිපත් කිරීමකි.

මෙවැනි ඉදිරිපත් කිරීමක් සඳහා බහුලව ම භාවිතා වන්නේ MS PowerPoint, Google Slides, Apple Keynote වැනි මෘදුකාංග මෙවලම් භාවිතයෙන් සකසාගන්නා presentations ය. 

එවැනි presentation එකක් සකසාගැනීමෙන් ඉදිරිපත් කරන්නාට මෙන්ම ප්‍රේක්ෂකයාටද සැලසෙන වාසි රැසකි:

  • ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂණීය වීම
  • කරුණු කෙටියෙන්, පැහැදිලිව, මනසට හොඳින් කාවැදෙන සේ ඉදිරිපත් කළ හැකි වීම
  • ඉදිරිපත් කරන්නාට අවශ්‍ය සටහන් තබාගැනීමට පහසු වීම
  • ප්‍රේක්ෂකයන් අතර බෙදා දීමට අවශ්‍ය පත්‍රිකා (handouts) පහසුවෙන් සකසාගත හැකි වීම
  • ඉදිරිපත් කිරීම අතරමැද ඉදිරිපත් කරන්නාට අවශ්‍ය පරිදි presentation එක හසුරුවාගැනීමට හැකි වීම: පෙර නැරඹූ slide එකක් වෙත යෑම, ඉදිරියේ ඇති slide එකක් වෙත යෑම, අවශ්‍ය විටෙක නතර කිරීම.


Google Slides


MS PowerPoint

Apple Keynote


PowerPoint

Keynote

Google Slides

Related Software

Part of Microsoft Office365

Part of the iWork productivity suite

Part of Google Drive’s office suite

Export File Types

Besides various PowerPoint and Office formats, export formats include .pdf, .xps, .mp4, .wmv, .odp, .gif, .jpg, .png, .gif, .bmp, .tif, .wmf, .emf, and .rtf

Includes .pdf, various PowerPoint files, QuickTime, HTML, Images, and Keynote 2009

Includes .pptx, .pdf, .txt, .jpg, png, .svg

Audio Import

Yes

Yes

Yes

Animation and Effects

About 50 effects (Entrance, emphasis, and exit).

About 30 different build animations and 40 transition effects.

About 15 effects.

Collaboration

PowerPoint 365 files can be shared if saved to OneDrive.

Invite others to collaborate if your Keynote is set up to use iCloud Drive.

Files are easily shared with online collaborators.

Offline Access

Yes

Yes, as long as the file is saved on your local device.

Files can be accessed offline using the Google Slides app (link to Chrome web store).

Cost

Must purchase through Microsoft.

Free from the Mac App Store.

Free as a part of Google Office. You must create a Google account.

Available for Mac

Yes, although some users claim the Mac version isn't as robust as the PC version.

Yes, Keynote was designed for the Mac.

Yes, as long as there's an Internet connection.

Available for PC

Yes

No

Yes, Google Slides resides in the cloud.


Table extracted from:

11. Paragraph Writing (Hamburg Method)

 


Topic sentence 

  • This is the top bun layer. Indent it.

Points to support the topic sentence (supportive sentences)

  • First supportive sentence
  • Second supportive sentence - more powerful than the top supportive layer.
  • Third supportive sentence - more powerful than the first supportive layers.
Conclusion 

  • This is the bottom bun layer. Prove the topic sentence.


(Refer: ESL Paragraph writing - The Burger Method - YouTube)



10. ශාස්ත්‍රීය ලේඛන ඉදිරිපත් කිරීම

 


ශාස්ත්‍රීය ලේඛනයක අඩංගු විය හැකි තොරතුරු වර්ග කිහිපයකි:

  1. කරුණු ඉදිරිපත් කිරීම 
  2. මත ඉදිරිපත් කිරීම
  3. තර්ක ඉදිරිපත් කිරීම
  4. ප්‍රචාරක තොරතුරු ඉදිරිපත් කිරීම

  • කරුණු - කරුණු යනු සත්‍ය බව සොයාගෙන, සනාථ කොට මූලාශ්‍රවල සඳහන් වී ඇති දෑ ය (facts). 
දා: ජපානයේ අගනුවර තෝකියෝ ය. 
  • මත - තම හැඟීම් හා අදහස් ඉදිරිපත් කිරීම. නමුත් එය සත්‍ය බව සනාථ කළ නොහැක (opinion). 
උදා: නිමල් වංක පුද්ගලයෙකි. 
  • තර්ක - කරුණු ඉදිරිපත් කොට තහවුරු කළ හැකි දෑ ය (logic). 
උදා: නගරයේ ජීවත් වීමට වඩා ගම්බදව ජීවත් වීම ඵලදායී ය. 
  • ප්‍රචාරක තොරතුරු - සිය අරමුණු හා මතිමතාන්තර ඒත්තු ගන්වන්නට භාවිතා කරන උපක්‍රම ය (propaganda). 
උදා: වෙළඳ ප්‍රචාරණ, ඡන්ද ප්‍රචාරණ 



Friday, August 4, 2023

9. අභිනයෙන් ඉදිරිපත් කිරීම (Kinesthetic Presentation)

 


අභිනයෙන් ඉදිරිපත් කරන්නෙකු සතු ගුණාංග:

  • ක්‍රියාශීලී බව
  • ශාරීරික යෝග්‍යතාවය
  • සුනම්‍ය බව

අභිනයෙන් ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ:

  • නර්තනය
  • රංගනය
  • සටන් කලා
  • ජිම්නාස්ටික්
  • අභිරූපන
  • ක්‍රීඩා
  • යෝග
  • සංඥා භාෂාව

අභිනයෙන් ඉදිරිපත් කිරීමේ නිපුණයන්:

  • නර්තන ශිල්පීන්
  • රංගන ශිල්පීන්
  • ක්‍රීඩකයන්
  • සටන් කලා ශිල්පීන්
  • සංඥා භාෂා හසුරුවන්නන්
  • අභිරූපන ශිල්පීන්









8. දෘශ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම (Visual Presentation)

 


දෘශ්‍ය මාධ්‍ය ඉදිරිපත් කරන්නෙකු සතු ගුණාංග:

  • නිර්මාණශීලී බව
  • කලා කුසලතා
  • ඉදිරිපත් කිරීමට අදාළ තාක්ෂණික කුසලතා (ඡායාරූපකරණය, ග්‍රැෆික් නිර්මාණය ආදී ක්ෂේත්‍ර )

දෘශ්‍ය මාධ්‍ය ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ:

  • චිත්‍ර
  • ඡායාරූප
  • චිත්‍රපට
  • ටෙලි නාට්‍ය
  • වේදිකා නාට්‍ය
  • කාටූන්
  • මාර්ග සංඥා
  • රූප සටහන්
  • ප්‍රස්තාර
  • සිතියම්
  • පෝස්ටර්

දෘශ්‍ය මාධ්‍ය ඉදිරිපත් කිරීමේ නිපුණයන්:

  • චිත්‍ර ශිල්පීන්
  • ඡායාරූප ශිල්පීන්
  • ග්‍රැෆික් නිර්මාණකරුවන්
  • සිනමා අධ්‍යක්ෂකවරුන්
  • නාට්‍ය අධ්‍යක්ෂකවරුන්







7. ලිඛිතව ඉදිරිපත් කිරීම (Written Presentation)

 

සාර්ථක ලිඛිත ඉදිරිපත් කරන්නෙකු සතු ගුණාංග:

  • පොහොසත් වාග් කෝෂයක් තිබීම
  • ලේඛන  කුසලතාව
  • භාෂා කුසලතාව
  • නිර්මාණශීලී බව
  • පරිකල්පන හැකියාව

ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ:

  • ලිපි
  • නිබන්ධන
  • නවකතා
  • කෙටිකතා
  • ලොග් සටහන්
  • ගීත රචනා

ලිඛිත ඉදිරිපත් කිරීමේ නිපුණයන්:

  • ලේඛකයන්
  • ගී පද රචකයන්
  • තිර රචකයන්
  • පුවත්පත් කතුවරුන්
  • ලිපි සම්පාදකයන්
  • පරිවර්තකයන්







6. වාචික ඉදිරිපත් කිරීම (Oral Presentation)

 

සාර්ථක වාචික ඉදිරිපත් කරන්නෙකු සතු ගුණාංග:

  • සබකෝලය නොමැති වීම
  • නිවැරදි උච්ඡාරණය
  • ඉරියව් සහ අභිනය
  • හඬ පාලනය

වාචික ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ:

  • ගීත ගායනා
  • කවි ගායනා
  • සංවාද
  • දේශන
  • වාදවිවාද
  • ධර්ම දේශනා
  • සම්මන්ත්‍රණ

වාචික ඉදිරිපත් කිරීමේ නිපුණයන්:

  • ගුරුවරුන්
  • ගායකයන්
  • කථිකයන්
  • ධර්ම දේශක ස්වාමින් වහන්සේලා
  • නිවේදකයන්
  • හඬකැවීම් ශිල්පීන්









5. තොරතුරු සාක්ෂරතාවය

 

තොරතුරු සාක්ෂරතාව යනු තොරතුරුවල අවශ්‍යතාව හදුනාගෙන ඒ අනුව,

  • කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස තොරතුරු වෙත ප්‍රවේශ වීම. (Access)
  • තාර්කිකව සහ නිපුණ ලෙස එම තොරතුරු ඇගයීමකට ලක් කිරීම. (Evaluate)
  • එම තොරතුරු නිවැරදිව සහ නිර්මාණශීලීව භාවිතා කිරීම. (Use)




තොරතුරු ඉදිරිපත් කළ හැකි ආකාර 6කි:

  • වාචිකව ඉදිරිපත් කිරීම (Oral)
  • ලිඛිතව ඉදිරිපත් කිරීම (Written)
  • දෘශ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම (Visual)
  • බහු-මාධ්‍ය (මාධ්‍ය කිහිපයකින්) ඉදිරිපත් කිරීම (Multimedia)
  • අභිනයෙන් ඉදිරිපත් කිරීම (Kinesthetic)
  • ත්‍රිමාණ ආකෘති ලෙසින් ඉදිරිපත් කිරීම (3D)


4. කියවීම් කුසලතා

 


A - උඩින් පහළින් බැලීම (මතුපිටින් කියවීම)

    1.    ප්‍රථමයෙන් මාතෘකාව කියවන්න.
    2.    උප මාතෘකා, පින්තූර, චිත්‍ර, යටින් ඉරි ඇඳි පද, වරහන් තුළ ඇති දේ, තද කළු අකුරින් සඳහන් කර ඇති දේ, ඉලක්කම් ආදිය කියවන්න.
    3.    පළමු වාක්‍යය හා අවසාන වාක්‍යය ඉක්මනින් කියවන්න.

පොතක් සඳහානම් මෙම මතුපිට කියවීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:

  • පොතේ පිට කවරය බලන්න.
  • කර්තෘ, මුද්‍රණ වර්ෂය, පොතේ මිළ, ප්‍රකාශක ආදිය විමසා බලන්න.
  • පොතේ පටුන බලන්න.
  • පසු කවරයේ සටහන කියවන්න.
  • පෙරවදන කියවන්න.

B - ගැඹුරින් කියවීම

    4.    ඡේදයේ ඇති වාක්‍ය ගණන සොයාගන්න.
    5.    එක් එක් වාක්‍ය ගැඹුරින් කියවන්න.
    6.    එහිදී ඔබට හැඟෙන වැදගත් යැයි සැලකෙන වචන ය් අටින් ඉරි ඇඳගන්න.

C - පළමු කටු සාරාංශය ලිවීම

    7.    ඔබ සටහන් කරන ලද වාක්‍යවල යටින් ඉරි ඇඳි පද සැලකිල්ලට ගන්න.
    8.    ඒ ඇසුරින් ඡේදයේ සාරාංශය ගොඩනගන්න.

D - දෙවැනි කටු සාරාංශය ලිවීම

    9.    පළමු කටු සාරාංශය හොඳින් කියවන්න.
    10.    එය හොඳින් කියවා නෑත සංස්කරණය කරන්න.
    11.    ලැබෙනා පිළිතුරේ වචන ගණන පළමු කටු සාරාංශයට වඩා අඩු විය යුතුය.

E - අවසන් සාරාංශය සැකසීම

    12.    මාතෘකාව නැවත ලියන්න.
    13.    ඔබ සකස් කරන ලද දෙවැනි කටු පිටපත හෙවත් දෙවැනි සාරාංශය        ඉතාමත් හොඳින් කියවන්න.
    14.    අක්ෂර වින්‍යාස, විරාම ලක්ෂණ, ව්‍යාකරණ ආදිය නිවැරදිදැයි ඉතාම        හොඳින් පරීක්ෂා කර බලන්න. (සෝදුපත් බලන්න)
    15.    අනතුරුව, ඉහත ඡේදයේ අවසාන සාරාංශය ලියන්න.


SQ3R Method


S - Survey : See the overview of the given text.

Q - Question : Make questions related to the text.

R - Read : Read the text to seek answers.

R - Recite : Recite the answers in your mind.

R - Review : If you have forgotten the answers, read the text again.


Make Questions (Q)

  1. What is the topic sentence?
  2. What are the supporting details?
  3. What are the most specific supporting details?
  4. What is the concluding sentence?



Thursday, August 3, 2023

3. කෝර්නල් සටහන් ගැනීම

කෝර්නල් සටහන් තැබීමේ ක්‍රමවේදය යනු, අප සවන් දීම හරහා ග්‍රහණය කරගන්නා යමක් පැහැදිලිව සටහන් කරගැනීමේ ක්‍රමවේදයකි. කෝර්නල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෝල්ටර් පෞක් විසින් 1950 වකවානුවේදී මෙම ක්‍රමවේදය සොයාගන්නා ලදි. 

මහාචාර්ය වෝල්ටර් පෞක් (1914 - 2019)


එහිදී සටහන් පිටුව කොටස් හතරකට බෙදේ:


  1. ඉහළ කොටස - මාතෘකාව ඇතුළු මූලික තොරතුරු ලිවීමට භාවිතා වේ.
  2. දකුණුපස පුළුල් තීරුව - සවිස්තරාත්මක සටහන් ලියැවෙන්නේ මෙහි ය. අවශ්‍යනම් රූප සටහන්, වගු ආදියද ඇතුළත් කළ හැකිය.
  3. වම්පස කෙටි තීරුව - දකුණුපස ලියූ තොරතුරු සංක්ෂිප්ත කරමින් කෙටි සටහන් ලියනා තීරුවයි.
  4. පාමුල කොටස - පිටුවේ පාමුල තිබෙන මෙම කොටසේ ලියනු ලබන්නේ පිටුවෙහි ලියවුණු සටහනේ ඉතා කෙටි සාරාංශයකි.


කෝර්නල් සටහන් සඳහා උදාහරණ කිහිපයක්:





කෝර්නල් සටහන් තැබීම පිළිබඳ කෝර්නල් සටහනක්:


කෝර්නල් සටහන් තැබීම පිළිබඳ පන්තියේදී ලබා දුන් අභ්‍යාසය:




වැඩිදුර කියවීමට:


Wednesday, August 2, 2023

2. මිහිරි හා අමිහිරි ශබ්ද

මිහිරි ශබ්ද 

















අමිහිරි ශබ්ද



1. කන හා ශබ්ද

අවධානයෙන් අසා හිඳ අනෙකා පවසන දෙය ඵලදායී ලෙසින් ග්‍රහණය කරගැනීම සවන් දීමේ කුසලතාවයයි.

සවන්දීමේ පියවර කිහිපයකි:

  1. ශබ්දය 
  2. එය අපගේ කන තුළින් ඇතුල්වීම 
  3. මොළයෙන් එම ශබ්ද සංඥා ග්‍රහණය කරගැනීම 
  4. එම ශබ්දයට අප ප්‍රතිචාර දැක්වීම

https://littlelisteners.com/2018/03/the-science-of-sound/

ශබ්දය නැගෙන්නේ තරංග ආකාරයෙනි. මෙම ශබ්ද නැගෙනා ප්‍රභවය අනුව කොටස් දෙකකට වෙන් කළ හැක:

ස්වභාවික ශබ්ද

  • මිනිසුන්ගේ කතාබහ
  • සතුන්ගේ නාද
  • ගිගිරුම් හඬ
  • සුළං හඬ
  • ජලය ගලන හඬ / රැළි නගන හඬ

කෘත්‍රිම ශබ්ද

  • වාහන නළා හඬ
  • සංගීත භාණ්ඩ නාද
  • ගුවන්විදුලි හඬ
  • දුරකථන හඬ
  • ශබ්ද විකාශන යන්ත්‍රවලින් නැගෙන හඬ

එසේම එම ශබ්ද අපගේ මොළයෙන් ග්‍රහණය කරගන්නා ආකාරය අනුවද කොටස් දෙකකට වෙන් කළ හැක:

මිහිරි ශබ්ද

  • කුරුළු ගීත
  • මිහිරි ගීත
  • මිහිරි සංගීත හඬ
  • දිය පහරක් ගලන හඬ
  • කාරුණික, ප්‍රියමනාප කතාබහ

අමිහිරි ශබ්ද

  • වාහන නළා හඬ
  • ඝෝෂාකාරී කතාබහ
  • කෑ කෝ ගැසීම්
  • ආයුධවලින් නැගෙන හඬ
  • යන්ත්‍ර සූත්‍රවලින් නැගෙන හඬ

සවන්දීමට අප දක්වන ප්‍රතිචාර සඳහා උදාහරණ කිහිපයක්:

  • එය වැටහුණු බව හැඟවීම
  • එය නොවැටහුණු බව හැඟවීම
  • යම් ඉල්ලීමක්නම් එය ඉටු කර දීම
  • එම ඇසුණු දෙයට අප එකඟ නොමැති බව හැඟවීම
  • මිහිරි ශබ්දයක්නම් ආශාවෙන් අසා සිටීම
  • කටුක ශබ්දයක්නම් ඒ පිළිබඳ අප්‍රසන්නතාව පළ කිරීම

ඔබ දැන සිටියාද?

  • ලෝහයෙන් තනා ඇති යකඩ රේල් පීලි මත කන තැබීමෙන්, දුම් රියක් ළඟ එන්නේදැයි ඈත තබා හඳුනාගත හැක. එයට හේතුව වන්නේ වාතය හරහා ගමන් කරනවාට වඩා වැදි වේගයකින් ශබ්දය ඝන මාධ්‍යය හරහා ගමන් කිරීමයි.
  • ආලෝකය මෙන් නොව, ශබ්දයට රික්තයක් හරහා ගමන් කළ නොහැක. ශබ්දය ගමන් කිරීම සඳහා ඝන හෝ ද්‍රව හෝ වායු හෝ මාධ්‍යයක් අවශ්ය ය.
  • කුඩා කන් ඇති සතුන්ට වඩා හොඳින් විශාල කන් ඇති සතුන්ට ශබ්ද ඇසේ.