අවධානයෙන් අසා හිඳ අනෙකා පවසන දෙය ඵලදායී ලෙසින් ග්‍රහණය කරගැනීම සවන් දීමේ කුසලතාවයයි.
සවන්දීමේ පියවර කිහිපයකි:
- ශබ්දය
- එය අපගේ කන තුළින් ඇතුල්වීම
- මොළයෙන් එම ශබ්ද සංඥා ග්‍රහණය කරගැනීම
- එම ශබ්දයට අප ප්‍රතිචාර දැක්වීම
ශබ්දය නැගෙන්නේ තරංග ආකාරයෙනි. මෙම ශබ්ද නැගෙනා ප්‍රභවය අනුව කොටස් දෙකකට වෙන් කළ හැක:
ස්වභාවික ශබ්ද
- මිනිසුන්ගේ කතාබහ
- සතුන්ගේ නාද
- ගිගිරුම් හඬ
- සුළං හඬ
- ජලය ගලන හඬ / රැළි නගන හඬ
කෘත්‍රිම ශබ්ද
- වාහන නළා හඬ
- සංගීත භාණ්ඩ නාද
- ගුවන්විදුලි හඬ
- දුරකථන හඬ
- ශබ්ද විකාශන යන්ත්‍රවලින් නැගෙන හඬ
එසේම එම ශබ්ද අපගේ මොළයෙන් ග්‍රහණය කරගන්නා ආකාරය අනුවද කොටස් දෙකකට වෙන් කළ හැක:
මිහිරි ශබ්ද
- කුරුළු ගීත
- මිහිරි ගීත
- මිහිරි සංගීත හඬ
- දිය පහරක් ගලන හඬ
- කාරුණික, ප්‍රියමනාප කතාබහ
අමිහිරි ශබ්ද
- වාහන නළා හඬ
- ඝෝෂාකාරී කතාබහ
- කෑ කෝ ගැසීම්
- ආයුධවලින් නැගෙන හඬ
- යන්ත්‍ර සූත්‍රවලින් නැගෙන හඬ
සවන්දීමට අප දක්වන ප්‍රතිචාර සඳහා උදාහරණ කිහිපයක්:
- එය වැටහුණු බව හැඟවීම
- එය නොවැටහුණු බව හැඟවීම
- යම් ඉල්ලීමක්නම් එය ඉටු කර දීම
- එම ඇසුණු දෙයට අප එකඟ නොමැති බව හැඟවීම
- මිහිරි ශබ්දයක්නම් ආශාවෙන් අසා සිටීම
- කටුක ශබ්දයක්නම් ඒ පිළිබඳ අප්‍රසන්නතාව පළ කිරීම
ඔබ දැන සිටියාද?
- ලෝහයෙන් තනා ඇති යකඩ රේල් පීලි මත කන තැබීමෙන්, දුම් රියක් ළඟ එන්නේදැයි ඈත තබා හඳුනාගත හැක. එයට හේතුව වන්නේ වාතය හරහා ගමන් කරනවාට වඩා වැදි වේගයකින් ශබ්දය ඝන මාධ්‍යය හරහා ගමන් කිරීමයි.
- ආලෝකය මෙන් නොව, ශබ්දයට රික්තයක් හරහා ගමන් කළ නොහැක. ශබ්දය ගමන් කිරීම සඳහා ඝන හෝ ද්‍රව හෝ වායු හෝ මාධ්‍යයක් අවශ්ය ය.
- කුඩා කන් ඇති සතුන්ට වඩා හොඳින් විශාල කන් ඇති සතුන්ට ශබ්ද ඇසේ.




No comments:
Post a Comment