A - උඩින් පහළින් බැලීම (මතුපිටින් කියවීම)
1. ප්‍රථමයෙන් මාතෘකාව කියවන්න.
2. උප මාතෘකා, පින්තූර, චිත්‍ර, යටින් ඉරි ඇඳි පද, වරහන් තුළ ඇති දේ, තද කළු අකුරින් සඳහන් කර ඇති දේ, ඉලක්කම් ආදිය කියවන්න.
3. පළමු වාක්‍යය හා අවසාන වාක්‍යය ඉක්මනින් කියවන්න.
පොතක් සඳහානම් මෙම මතුපිට කියවීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:
- පොතේ පිට කවරය බලන්න.
- කර්තෘ, මුද්‍රණ වර්ෂය, පොතේ මිළ, ප්‍රකාශක ආදිය විමසා බලන්න.
- පොතේ පටුන බලන්න.
- පසු කවරයේ සටහන කියවන්න.
- පෙරවදන කියවන්න.
B - ගැඹුරින් කියවීම
4. ඡේදයේ ඇති වාක්‍ය ගණන සොයාගන්න.
5. එක් එක් වාක්‍ය ගැඹුරින් කියවන්න.
6. එහිදී ඔබට හැඟෙන වැදගත් යැයි සැලකෙන වචන ය් අටින් ඉරි ඇඳගන්න.
C - පළමු කටු සාරාංශය ලිවීම
7. ඔබ සටහන් කරන ලද වාක්‍යවල යටින් ඉරි ඇඳි පද සැලකිල්ලට ගන්න.
8. ඒ ඇසුරින් ඡේදයේ සාරාංශය ගොඩනගන්න.
D - දෙවැනි කටු සාරාංශය ලිවීම
9. පළමු කටු සාරාංශය හොඳින් කියවන්න.
10. එය හොඳින් කියවා නෑත සංස්කරණය කරන්න.
11. ලැබෙනා පිළිතුරේ වචන ගණන පළමු කටු සාරාංශයට වඩා අඩු විය යුතුය.
E - අවසන් සාරාංශය සැකසීම
12. මාතෘකාව නැවත ලියන්න.
13. ඔබ සකස් කරන ලද දෙවැනි කටු පිටපත හෙවත් දෙවැනි සාරාංශය ඉතාමත් හොඳින් කියවන්න.
14. අක්ෂර වින්‍යාස, විරාම ලක්ෂණ, ව්‍යාකරණ ආදිය නිවැරදිදැයි ඉතාම හොඳින් පරීක්ෂා කර බලන්න. (සෝදුපත් බලන්න)
15. අනතුරුව, ඉහත ඡේදයේ අවසාන සාරාංශය ලියන්න.
SQ3R Method
S - Survey : See the overview of the given text.
Q - Question : Make questions related to the text.
R - Read : Read the text to seek answers.
R - Recite : Recite the answers in your mind.
R - Review : If you have forgotten the answers, read the text again.
Make Questions (Q)
- What is the topic sentence?
- What are the supporting details?
- What are the most specific supporting details?
- What is the concluding sentence?


No comments:
Post a Comment